ගඟනිගේ පෙම්වතා
හරියටම හවස පහ වෙනකොට
නාල සීතල දිය, පීරමින් වරළස
සැරසෙනවා කන්ණාඩිය ළඟ
මල් ගවුමක් ඇඳගෙන
හලාගෙන පුයර සෙන්ට් ඔක්කෝම
මං විතරක් නෙමෙයි
මුළු ගේම සුවඳයි එතකොට...
අඩක් නිමි නිවහනේ අපි ඉන්න
" අපි කිව්වේ අම්ම තාත්තා අයියා නංගී
ඒ අපේ පවුළ ඔක්කෝම හතයි
කිටිය යි බ්‍රවුන යි එක්කම "
ඒව හරි ඒක නෙමෙයිනෙ කිව්වෙ
පහයි විස්සට මම නඟිනවා
ස්ලැබ් එක උඩට අපේ ගෙදර
අත් වැටත් නැති නිසා ඒක ටිකක් අවදානම් ලු
මම නෙමෙයි කියන්නේ ගෙදර අය...
හැබැයි මං කියවලා තියෙන විදිහට
අවදානම් ගත්ත ගෑණු නිසා තමයි
මේ ලෝකේ මෙච්චර ඉස්සරහට ගියේ
ඒ විතරක් යැ ලස්සන
මෙතනදි තමයි ලයිකා ව සම්බන්ධ වෙන්නේ
එයා බැල්ලියක් නේ, ඔව් බැල්ලියක් තමයි
එයත් ස්ත්‍රී ලිංගනේ එතකොට
දිගයි ඒ නාමාවලිය
වැටෙන්ටිනා තෙරේෂෝවා, සැලි රයිඩ්
ක්‍රිස්ටිනා කොච්, සුනීතා විලියම්ස්
තවත් බොහෝයි මේ විෂයෙ අවධානම් ගත්ත ගෑණු...
ඒ ඔක්කෝම හරි කියමු
දැන් මගේ කතාව
ඉස්කෝලේ යන කාලේ ඉදන්ම ආසාව තිබුනේ
අජඨාකාශගාමිනියක වීමට
ලයිකාට සිදුවුන අසාධාරනය දැනගත් දා සිට ම
අපේ වගේ දූපත් රාජ්‍යයකට
ඒක ටිකක් දුරයි වගේ දැණුනම
බලපොරොත්තුවුනෙම ෆයිලට් වරියක් වෙන්න
චිත්‍රත් ඇන්ඳ මං ප්ලේන් එකක් අරන් යන
මුලින්ම බිත්ති වල පස්සේ කොළ වල
අන්තිමට ඒ ඔක්කෝම දියවෙලා බොඳවුනාම
දුකයි තමයි ඒ වුනාට ඇඩුවේ නම් නෑ මං
දිග්ගැස්සෙනවා කතාව
සම්බන්ධ වුනාම අතීත කතා
ඉතිං මං කියන්නම් දැන්
මේ දවස්වල ඇත්තම කතාව
" එයා එන්නේ හැමදාම පහයි තිස්පහට
මට පේන්න අපේ ගේ දිහාට රත්මලානේ ඉඳන්
සද්දෙන්ම මං දන්නවා ඒ එයා කියලා
තිතක සිට විසල් කුරුල්ලෙක්ව හිස උඩින් පියාඹා
යලි තිතක් වන තුරා හැමදාම මම බලා ඉන්නවා
අත වන වනා ස්ලැබ් එක උඩ...
ගෙදර අය අවට අය දැන් මේක දන්නවා
ඒ හින්ඳ ඉදහිටෙක කෑ ගගහා අහනවා
" ඒයි ගඟනී ඔයා ඔය අත වනන්නේ
යානය ටද ෆයිලට් ටද කියලා "
සමචචලයට වගේ හිනහෙමින්
මං මුකුත් කියන්නෑ ඒ වගේ වෙලාවට
කාරණය මොකක්දැයි මං හොදට දන්නවා
ඒ මං අත වනන්නේ,
මං ළඟාවෙන්න හැමදාමත් ආස ජීවිතය ට
යානය ද යිලට් ද වටපිටේ මිනිස්සු ද
නෙමෙයි මට වැදගත්
අත වනන මොහොත තුල හැඟුම් මත පොපියනා
ආදරය සහ සතුට ට
ලෝකය ට නොපෙනෙනා
ඒ මගේ සිහිනය ට....
