අන්තිම ඕවරේ අන්තිම පන්දුව

අන්තිම ඕවරේ අන්තිම පන්දුව

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

ලන්ඩන් කවට අද හැටවන වසර ලබයි පිංකං පොලක් වාගේ කවි පිටුව හැඩයි පංදං වැට උඩිං පායන සඳට සමයි වංනං කවි සිලෝ උතුරා දෙගොඩ තලයි. අලුත් ඉරක් දුටුවෙමි අද පාන්දර මලුත් පිරී ගස් වැල් මල් මෝස්තර තවත් බලා මොකටද බොරු කේන්දර හෙටත් කවිය ලන්ඩන් නැති සූත්තර. නමක් නොමැති අපටත් ඉඩකඩක් තියා පවත් කවුරු කොයිබක නොසයාම නියා තවත් ලියනු බෑ සරසවි නොපෙනි ගියා එහෙත් කවක් එවනෙමි හදවතින් ලියා පුරා පස් වසකි සඟරා පෙළ හැටකි කුරා කූඹූ මා ආ දුර මහ දුරකි කිරා බැලුවොතින් මට හැත්තෑ දෙකකි දරා ගන්න බැරි වෙහෙසම මා මඩිති. වරක් එතෙක් පලවූ කවි එකට ගරා තෙරක් නොමැති වියතුන් හා සමව පෙරා පොතක් කලා ලන්ඩන් කවි වෙහෙස දරා මටත් පිටක් වෙන් කෙරුවේ නඩේ ගුරා. එකම කවක් හෝ කුණු කූඩයට නොදා තවම නොදුටු සකසුට මම ණයයි සඳා දහම පරපුරේ හෑගොඩ ලොවට විදා මෙහෙම පුතෙක් පියෙකුට අබිමනකි සඳා උපතින් පරපුරෙන් කවි ලේ ගත දුවන දිලෙමින් තුටින් ලන්ඩන් පුරයේ වෙසෙන කවියෙන් අනුර හෑගොඩ ලොව රට දිනන නිදුකින් දිනේවා සිය වසරක් යෙහෙන. මඟින් මඟට නොවැටි මෙතුවක් ආව මසින් මසට ලන්ඩන් කවියට ලීව ගතින් බොහොම මහලුයි ඔසු පැන් නෑව ඉතිං අවසරයි යලි නොලියමි කාව. 29 / 12 / 2025
කවිය බලන්න