කවිය ඔබ.....!

කවිය ඔබ.....!

ලලනී ගීකියනගේ රත්නපුර

මහසෙන් රජුගෙ වැව් බැම්මට දෙඅත් තියා..! වැටෙනා කඳුළු වැව් පතුලේ සැඟව ගියා..! කවියේ රීති සඳ දිය මත,හැඩට ලියා..! රසකර එවු හැඩයි,සුමිතුර අගෙයි කියා..! වන මල් පිපී පිනි වියනේ පහස යට..! සියපත් නැළවුනා පවනේ මුකුළු කොට..! රසයක් කැලතිලා අරුණළු නැගෙන විට...! "කවියක රසය නම් මේ යැයි "සිතුනි මට...! දිවියක මිහිර කවියෙකු , රස විඳිනු බලා...! පදයක කටුක රස , හදවත මිලින කලා ..! පැදියක සොඳුරු රස , වෑහෙන අයුරු බලා...! දිවියක සිහිල හදවත තුල ජනිත කලා....! වන මල් පිපී පිනි වියනේ , පහස යට..! සියපත් නැළවුනා පවනේ , මුකුළු කොට..! රසයක් කලතලා අරුණළු , නැගෙන විට...! "දෙදහස් විසි හයට ",ආසිරි පැතුම් මිට..!
කවිය බලන්න