හේමන්තයක.....

හේමන්තයක.....

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

විසිතුරු රඹ පාටින්, ගස් කොළන් පාට ගාලා අතු ඉති සොලවන්නයි, මේ සුළං රැල් හමන්නේ කෙටි දවසකි මේකත්, ආකහෙත් පාළු පාටයි හිරු අවරට යාවී, බෝ දුකින් නෙත් පියෙද්දී ඇඳගෙන සුදු සාරී, සාමදානෙන් ලිලී මල් නිසලව අරඹන්නේ, භාවනාවක් වගේමයි පිනි බිඳු ඇවිදිල්ලා, සීතලෙන් හාදු දීලා සිත කලබල වූවොත්, නම් දුකයි කාට කාටත් අළුයම පුබුදාගත්, රන් පියාපත් සලා විත් දොර දොර නැවතීලා, ආදරේ යයි කියාලා නිදිබර නෙත් පෑදූ, ඒ කුඩා පෙම් කුරුල්ලෝ නොගයන හැටි ගීයක්, ගායනාවක් කොහේවත් පසුගිය ගිම්හානේ, සන්තොසින් උන්නු මේපල් කොළ අතු වියළී ගොස්, සෝ සුසුම් පා කරද්දී හිරිගඩු පිපෙනා මේ, සීතලේ රැස් නිවාලා උණුසුම ගෙන ඩිංගක්, එන්නකෝ ඉක්මනින් දැන් (මාලිනී විරිතෙන්)
කවිය බලන්න