සම්බුදු ගුණය සිහිකර පෝයට දුරුතු පුන්...........

සම්බුදු ගුණය සිහිකර පෝයට දුරුතු පුන්...........

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සම්බුදු සමිඳු ගෞතම අපේ මුනිඳු බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු උරුවෙල් දනව්වට වැඩි සමිඳු දමනය කළේ ජටිලන් බුදුසමිඳු සිදුහත් කුමරු ගිහිගෙය හැර යන මගට හමුවුණු නිරිඳු එදවස සිටි මහ මගධ රට බුදුවී පසුව වඩිනා ලෙස යලි සියරටට බිම්බිසාර රජු කීවේ අපෙ බෝසත් හිමිට ලැබුපසු බෝසතුන් පදවිය සම්මා සම්බුදු වැඩියා මගධරට සිහිකර මුනිඳුන යලිඳු දෙව්රම් වෙහෙර කරවා මහබිම් නරනිඳු දුරුතු පොහෝදින පිදුවා සසුනට සම්බුදු හෙලදිව එදා මහ උයනේ මහනාග ඇවිලුණු අරගලය මහයක් හා නාග මැවුණා ගෞතම සම්බුදු නෙත්යුග වැඩියා සමිඳු මුල්වර මේරට අහස් ගඟ අමෝරා සිටිද්දි යකුන් නෙක නෙක අවි දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි මහාමේඝ අකුණුද මහවැසි පෙලට මැවී බියවුණු යකුන් දිව්වා ගිරිදිවයිනට නැවී මහියංගනේ එදවස යක්සේනා දමනයට වැඩිදා මෙත්සිතින් බුදුහිමි අපෙ හෙලදිවට සුමනසමන් සුරිඳුන් වැඳ බුදු සමිඳුන්ට ඉල්ලා ගත්තෙ කේශධාතුව මතු වඳින්නට
කවිය බලන්න