නුඹේ මතක!!

නුඹේ මතක!!

ලුම්බිණි විතාන ලන්ඩනය

රැයේ සිසිල ගෙන එයි නුඹේ මතක, හදේ පවන් ගී මුමුනයි පෙම් මතක. සඳේ ආලෝකේ මට කොදුරයි නුඹේ මතක, නිවන් සැරයක් වගේ සිත සනසයි ඒ මතක. හැදුවත් අමතක කරනට ඒ මතක සිහියට නැගෙයි නිරතුරු සොදුරුම මතක හිත ඇවුලුවත් අමිහිරි වු ඒ මතක නොහැකිය බදිනට වැටකොට ඒ මතක කැමති විටක ඇවිත් යන්න ඒ මතක මම නැහැ තවත් වද වෙන්නේ ඒ මතක නැවතීමට ඉඩ කඩ නම් නැහැ ඒ මතක කවදා කෙලෙස නිමවේවිද ඒ මතක.
කවිය බලන්න