මම නොදකින මගේ ආදරය....!!!!

මම නොදකින මගේ ආදරය....!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

අවිනිශ්චිත ගුවන් ගැබක් හරහා

මා ගෙදර එනකොට

මුලු ලෝකයම මහා බරක් දරාගෙන

නිදි නොමැතිව කාලය ගෙවද්දි

සැතපුම් ගනනක් ඈතින්

ඉතාමත් ආදරණීය හදවත් දෙකක්

නිසොල්මනේ තැන් දෙකක

ඉතාමත් ආදරයෙන්

මටත් නොදැනෙන්න

මාව තරයේ වැලද ගෙන රැකපු අපුරුව!

වෙනස්ම භූමී දෙකක්!

නිහඩ එකම යාඥාවක්!

ආදරයත් කරුණාවත් මුසුව

දැඩි ප්‍රාර්ථනාවන් ඇතිව

නොකඩවා දෑස් දල්වාගෙන

බලාගෙන සිටි මගේ ඒ අවිනිශ්චිත ගමන

හැම මොහොතක්ම, හැම තත්පරයක්ම

මම ගුවනින් ගමන් කල

මාත් සමගම ආදරයෙන් නිහඩව

ගමන් කල අපුරුව

මම ගෙදර එනතුරු.

කවිය බලන්න