ආදරය මුලාවක්ද?

ආදරය මුලාවක්ද?

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

ආදරය මුලාවක්ද? කියනවා වගේ ම මර උගුලක්ද? පැවැත්මට ම පමණක්ද? හැම දේම වගේ ඇත්තටම අනිත්‍යයද? එතකොට ඒ ඔක්කොම බොරුද? රෝමියෝ ජුලියට් සාලිය මාලා සිදුහත් බිම්බා ඔක්කොම බොරුද? ලැබුණාම නැද්දෝ කිසිම රසයක් විරහව විතරදෝ මවන්නේ රස පල දැරු පෙමට නැති දෝ ලියවුණේ කව් ගී වෙනස් වෙන එකෙත් නැද්ද අමුතුම රසක් අලුත් වෙන අමුතුම මිහිරක් එකක් කියන්නද මං කිව්වට කරලා බලන්න ආදරේ කරන්න ඇබිත්තක් නෙමේ පිරිලා ඉතිරෙන්න පැලෙන්නම කාව හරි ඇබ්බැහි කර ගන්න වතුරට වගේ හුස්මට වගේ කාට හරි ඇබ්බැහි වෙන්න වතුර වගේ හුස්ම වගේ අත ඇරලා බලා ඉන්න අත ඇරියත් නොයන බව දැනෙන කොට අනිත්‍යම වුණත් මොකද? ඉ 26/01/25
කවිය බලන්න