වෙනස ......

වෙනස ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

තහනම් තැන්වල ගෙවල් හැදූ අයට පගාව අරගෙන අනුමත කල අයට සුනාමිය වගේම සොබාදහම දීලා සැරම සැර ටොක්කක් පරම්පරාවටත් එක්කම ...... ජරාව කාලා මන්දිර හැදූ අයට මහන්සි වෙලා වැඩ කළ අයගෙන් යැපීලා පෙන්නාගෙන හිටි අයට වෙනසක් නැතුව බෙදලා හොදටෝම කෙහෙල් ගෙඩියේත් නම ගැහුව එෆ් බී එකට බඩු බෙදුව අයට අළුත් කොල්ලො කෙල්ලෝ කියා දුන්නා පාඩමක් එෆ් බී තියෙන්නේ පුරාජේරුව පෙන්නන්න නොවන බව වට්ස්ඇප් ගෘප් හදලා පහුවදා වැඩ තියෙද්දිත් රෑ එළිවෙනකල් කෑම හදලා මහ වැස්සෙ උන්ට තියෙන වාහනවල ඒවා ඇද්දේම උන් ආයේ ගන්නද මොනවත් නමක් , නම්බුවක් , නිලයක්
කවිය බලන්න