පෙමක මතක වත් පිදීම..
දුර ඈත දිවෙන මේඝ වලාවේ
නුඹ පමණක් ඇත තනියට ඇවිදින්
සිත් අහසේ නොමැකෙන ඒ රුව
කෙලසද නුඹ සිත්තම් කෙරුවේ
සිතක රහසින් සැඟව ගිය තැන්
දෑස අග රහසේම සඟවා
හමා යන සුළඟේ සීතලක්
සේලයක් වී හමා ඇවිදින්
නුඹේ සුවඳින් ගතම සනහා
කඳුයාය මත දුවන අන්දම්
මට කියන්නේ සැලෙන ගහකොළ
බලා ඉදිතැයි ලොවට රහසේ
ගිළිහිලා යන මතක අන්දම්
රැගෙන යන්නට පෙම් සුසානෙට
බිඳෙන් බිඳ එක්ව වැටෙමින්
නිසල බඳුනක් සෙමින් පුරවන
"යථාවාරී වහා පූරා පරිපූරෙන්තු සාගරන්"
23--12-2025.
