නීලපට සාටකයකි වරෙක ඒ ප්‍රේමය..........

නීලපට සාටකයකි වරෙක ඒ ප්‍රේමය..........

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

ප්‍රේමයේ මල්දම දමා නෙක ගෙත්තම් ආදරයේ රන්හුයෙන් වියා නුඹ පැළැන්දූ බර වැඩිද මා ගෙළට මිල වැඩිද ඔබ ගෙවු මල්වලට දුම් දමන කෝෆි කෝප්පය අසළ පෙරළී ගිය පොත් පිටුවක නුඹ අසයි එබි එබී මා නෙතට මහ වැස්ස හලනවා ඉඳහිටක නෙක රටා වියු අහස ම ගොර බිරම් හඬ නඟා පපුව හීරෙන විදුලිය කොටා "බියක් නෑ හදට මා මගේ ගේ සවිමත් ය කඩා බිඳ දැමිය නොහී වහින මේ වැස්සට එය උසින් හදා ඇත්තෙමි ගංදෑළ ගැලුවද පිටාර දිය පොදක් නොඑනු ඇත වැසි පොදක් නොවැටෙන්න වහලය ද සවිමත් ය" ධනිය ගෝපාලයන් මට කියයි ගවගාළ දෙස බලා සිනාසී පිරෙන දිය තඩාගය පෙඳෙන් පෙද හිස් නොකළ වරදට වෙල් විදානේවරු එක්වරම හැරිය පසු තඩාගයේ බැමි රක්නට ගලාගිය මහා ජලකඳ කෙත්වතුද ගේ දොරද වනසා ජීවිත ද රැගෙන ගොස් පරඬලා සේ වතුරෙන්ම පොඟවා නිවි නිවී යන කෝෆී බඳුන තොලගාද්දී සෙමින් පොතේ පිටු පෙරළුණි එතෙක් ඔබ සිනාසුනු, නුඹ පැළැන්ඳූ ප්‍රේමයේ මල්දමේ පෙඳෙන් පෙඳ නෙක රූ රටා වෙනස් වී සුවඳ කැවු කඩදාසි මල් වියමන් ගිළිහි ගිලිහී බිම වැටෙද්දී................... එතෙක් මහවැසි ලෙසින් ගැලූ පෙම්දමින් නොබැඳි නූතනයේ ධනිය ගෝපාලයන් බිම වැටුණි හදිසියේ ප්‍රේමයක අකුණු සරවැදී. 22-06-2026.
කවිය බලන්න