ඔබ කොතනක මේ මොහොතේ...........???

ඔබ කොතනක මේ මොහොතේ...........???

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

මම බලා සිටිමි. මම අසා සිටිමි. මට බොහෝ දේවල් පෙනේ. මට බොහෝ දේවල් ඇසේ. වරද මට බොහෝ දේවල් දැනීමය. දැනෙන දේ මම සිතූවෙමි. හොඳම දේ යැයි සිතූ දේ කළෙමි. කාලය ගෙවෙමින් තිබේ. එහෙත් වෙනස් වූ දෙයක් වෙද? වෙනස් වූ අයෙක් වෙද? මා වෙනස් වී ඇතිද? අසමි මම මගෙන්. තවමත් මම සිතට ඉඩදී නොවිදිමිද දුක්...? නොදෙන්නද දුක්...? ලැබුවේ කුමක්ද මෙතුවක්? අවසානයේ මට සිතුනේ මෙයයි. කලේ මොනවද කියා,ලද්දේ කිම්දැයි සිතා , නොකළ යුත්තේ කුමක්දැයි කියා බලන්නට හෝ සිතා ලද සිතුවිල්ලම මදිද? අලුතින් ම ජීවිතේ අරඹන්ට නොවී වෙනස් පරාද නොවී නොදී දුකක්, නොවි ද දුකක් මම සිනාසෙමි. නොලද දෙයින් ලද එකම දෙය ලබා ගැන්මට සියලු දෙය. සිනාසෙමු අපි සතුටින් පමා වෙවී හිඳිනට නැත වේලා......... 28-09-2026 Phto Credit: Apostolos Vamvouras
කවිය බලන්න