හද බිඳුම

හද බිඳුම

තුෂාරි ජයසිංහ මහනුවර

මිතුර නුඹ නෙලන්නේ මගෙ ඉමේ පිපුණු මල් සුවඳ දී පිපෙන්නේ මා සිටවු ගසේ මල් ඉර හඳත් පවතිනා තුරුම තුරුළුව තියන් කුරුළු කූඩුවකටත් අතු ඉත්තෙ ඉඩ හදන් මම රැක්කෙ පොඩි පැලේ නෙතු පියන් අද්දරින් කිම ඉතින් මගෙ මල ම නුඹත් හෙව්වේ කියන් වැටෙන පිනි දිය පවා හෙමින් පිස දමද්දී නිදා නොනිදා රැයම රැක බලා ගනිද්දි කල් ඉකුත් නොවන පෙම හදපුරා දුවද්දී පොහොනි කර වැඩුවෙ මම මගේ දා වැටෙද්දී බඹරුන්ට මල් අයිති බව කියා කියද්දි ඉතින් නටුවේ කටුත් යහමින්ම දිලෙද්දි දෙඹර තුඩකට වැදී මල් පෙත්ත ඉරෙද්දී හදවතයි ඉරුණෙ මගෙ කටුතුඩට ගැටෙද්දී 2025.12.15. Photo Credit; Niek Doup
කවිය බලන්න