දගරිගෙ සහ මදුරිගෙ පෙමට මැදිව

දගරිගෙ සහ මදුරිගෙ පෙමට මැදිව

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

වට දැවි දැවි අලුවි අලුයම නතර
කොට බව දිටිමි දිවි මඟ තව නෑ ඉතිර
කට නැති මදුරු දගරිය ඇද ලග වැතිර
මට සිහි කලා දම් සක් පැවතුම් සුතුර

ඇසුරුම් පෙට්ටියේ කොටුවූ සිරකාර
කලවම් නිවුන් සොයුරියෝ සම හැඩකාර
කැටයම් කැපූ උල ලමැදේ සරුසාර
සිතුවම් වැස්ම නින්ජා කඩු අත නෑර

උලේ හිදුවලා ගිනි කූරක් සොයපු
බොලේ උල් කටුව එක ගෙදරක වසපු
මෙලෝ හැඩක් නෑ අලු පමනක් හලපු
විලෝ පෙල මතක සරසවියෙදි දැකපු

පොලිතින් සලුව පොරවා එක මිටට ගුලි
රැයකින් මිය ගිහින් වටදාගෙයකි සුලි
එතකින් නිමයි දීගය හමු නොවන යලි
මිලකින් ලැබූ පෙමකට තව කුමට සැලී

උතුරා ගැලූ පොල්කටු පොකුනෙන් නෑව
කොදුරා මියුරු ගී දෙසවන් ලග කීව
මදුරා නංගි රහසින් මගෙ ලේ බීව
උදුරා ඇගේ පෙම දගරිය මා ගාව

ඩෙංගු මැලේරිය උණ හැදුනත් නපුරු
රන්ඩු උනත් මදුරිගෙ පෙම වේ සොදුරු
වන්ඩු කන්ඩවත් තඹයක් නෑ ඉතුරු
ඔන්ඩු දගරියත් අහවර අලු ඉතුරු

රුදුරු දගරි දීගය අහවර දාට
මදුරු පෙම යලිත් මට ලන්වෙන පාට
අදුරු කුටියෙ මදුරිය නොපෙනෙයි රෑට
මියුරු ගීත මට පමනයි වෙන කාට

ගිනි පෙට්ටියෙන් මැටි පහනක් දල්වාන
පැනි නැති මල් රේණු තැන තැන ඔරවාන
සනි අපලය ඇවිත් පිල ලග ඇනබාන
පිනි පොද හැලේ තවමත් මම නිදියාන

කවිය බලන්න