වත්සානේ නුඹ එතැයි ....

වත්සානේ නුඹ එතැයි ....

ඉනෝකා ප්‍රියංගනී මීගමුව

ඉනික්බිති ,,,

ලෙළදෙමින් පත්
ඒ අතර හෙමි හෙමින්
පාත් වෙන වියළි පත්
මිහිය රත් වෙනු පෙනේ,,,
විටෙක විත් බරක් දෙන කුරවි
පා
ඒත් එක්කම සර සරින් වියළි පත්
හූල්ලයි රිඳුම් මැද,,,
පැත්තකින්
ඉකිගහන අතු පතර
මොර දෙනා සූ හඬක්
මේඝයේ වේගයට
නතුවෙනා බව හැඟවෙනා
ඒ හඬක්,,,

ක්‍රියාවේ ප්‍රවේගය
සිඳ බිඳලු
තිරිසනුන්
තැන තැන්හි
පණ ගන්න දරනා උත්සාහය
තව හැඩක් ,,,

විපරීත සුයාමය
පන්හිඳට වෙනමම වෙරක්,,,

වත්සානය දුර ඇදෙන
වඟ කියන කාරණා
ඔබ්බවන මේ කවක්,,,

තව තවත් දිග ඇදෙන
කව
ලියෙන අකුරු තැන තැන
නහින පිටු ගොඩක්,,,

දෙතනෙ හිස් කතාවකි
එතැන් මැද
කඳුළු ගුලි එල්ලෙනා
වැස්සියක නොකීමුත්
හීරෙනා පපුකැවුතු
හිතැත්තෝ ඇස් දකින
කතාවක්,,,

දිව ඇදෙන බැල්ලකගෙ
උඩු බිරුම
හාත්පස වේලෙනා
වෙලාවක්,,,

රත් රුහිරු නාඳුනන
තැන් ඇවිද
අතෝරක් නැතිව
පරවෙච්ච කවි
ලියන කලාවක්,,,

හිත හොයන නුඹ කොයිද
ආයෙමත් නොදකීද
සිහිනෙකට සම වීද
හද ගැහෙන පද ලෙහෙන
කල්පයක්,,

වසත් සම හමුවෙන්න
පෙරුම් පුරනා සිතඟ
ඇස් තෙමෙන
අසෝබන විඩාවක්,,

කලක් දුර පණ ඇද්ද
සරත් සම හිතවතා
මුලසුනේ වාඩිවී
යළි නොයන වඟ කියන
රටාවක්,,,

වපුරනා අස්වැන්න
නෙලන්නට කාලයයි
මහ හඬින් ඌ කියන
උද්දච්ච කතාවක්,,,

නුඹ ආයෙ නොඑනු යැයි
මුළු පිටම හීරෙනා
කඳුළු මල් සිත්තමේ
කලාවක්,,,😪

ඉනික්බිති ,,,🥺
වත්සානෙ නුඹ එතැයි දැයි ?

Photo Credit Basil Smith

කවිය බලන්න