සරුංගලේ
අයිතිය අතට ගෙන කවුරුත් වරින් වරේ
දෙරණින් ඉහළ හිඩැසක රඳවන්න වෙරේ
උඩටම යන්න දෙති විඳගෙන සුළං සැරේ
පාවෙයි අහසෙ නොදැනිම සිත නිරන් තරේ
නූල් පන්දුවත් අන්තිම වෙන්න ලඟයි
උඩු සුළඟද තදින් වෙරෙන් මාව අදියි
සිදුවෙන්නට යනදේ ගැන හිතට දැනෙයි
කාට කියන්නද මම දැන් ඉන්නෙ දුරයි
කවිය බලන්න
