රුවක් වෙයි නිති දැයක් නම කළ...

රුවක් වෙයි නිති දැයක් නම කළ...

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

රුවක් වෙයි නිති වියත් සබ මැද දැයක් නම කළ බැති පෙමින් බසක් දැන අතැඹුලක් සේ රස-හව් ගෙනා සාහිත නැණින් තුරක් මය තුඟු ඉමක් නැති මහ වනේ තුරු මත සෙවන දුන් පියෙක් සේයා රූ කලාවට දහස් සිසුනට ශිල්ප දුන් කුසුම සියපත් සුවඳ දෙයි ලොව නැගී නටුවෙන් මඩ දියේ දැකුම සතුටක් වෙසෙනු දෙවියන් සදිසි මිනිසුන් මනු දැයේ දැනුම පිරි මහ පොතක් කියවා ගතොත් රසමුසු තැන්තියේ පැතුම ආසිරි ලාල් හෑගොඩ කිවිඳ ඔබටයි මා ළයේ වදන් ගඟුලක කිමිද ලැබ නෙක වදන් මිණි දෝතට අරන් හුයෙන් අමුණා තනා කව්මිණි කොඩොල් පළඳා අප සවන් රුවින් සේයා දනන් හද බිතු සැරසවූ පින් මහිමයෙන් සුවෙන් දිගු කල් දිනේවා මතු මතුත් අප සිත් සනසමින්
කවිය බලන්න