වස්තුව නැතුව
වස්තුව ඇයයි බවයෙන් බවයම පැතුව
කප් රුක ලෙසම ලැබ දෙන සැම දෙය සිතුව
බස් ගැන රොස් වෙමින් අදමිටුවන් ගෙතුව
ඇස් දෙක පියා ගත්තේ කිම දුක නැතුව
සැම දෙය සපල වේවිද ලෙසටම පැතුව
රිය සක අනුව පව පින යට වෙයි මතුව
මරු හට සිතේ නැත අනුකම්පා සතුව
කැඳවූ දිනයකදී තිබුණා යා යුතුව
නිම විය තිබුණු වස්තුව සැම මා සතුව
සිටියෙන් තනිව අලසවු ගතියට නතුව
කුමටද ලොවක තම අය අසලක නැතුව
ගෙවිලා ගියේ නොදැනිම වසන්ත රිතුව
දුකමය කියා තිබුණද වැළලිය යුතුව
නිතැතින් පැරණි දෑ එයි සිහියට මතුව
පාළුයි හද මඩල තවමත් නුඹ නැතුව
හමුවමු උපනුපන් ජාතියකදි මතුව.
Photo Credit; Jimmy Chang
කවිය බලන්න
