සිහින දකිමි මම

සිහින දකිමි මම

සුමිත්‍රා ආරියවංශ මහනුවර

ඈත ගගන තළ දිලෙන විටදි සඳ සීත සුළඟ හා මුසුව නටන මඳ නීල ජලය මත ⁣පිපෙන කැකුළු කොඳ යාය පුරා මුදු සුවඳ සදත සොඳ ඉවුර කොනේ ගල් තලය මතම හිඳ සීත මකා උණුසුමකි සදන සොඳ පාන නුරා නෙත අගින බලන සඳ කෝල හැඟුම් කිති කවයි විටක හද සුපුන් සඳේ බැස යන්න එපා අද එරන් හිරේ නුඹ ඉන්න සයුරෙ කිඳ සුළන් පොදේ නිති හමනු මෙදෙස මඳ හිඳින් සඳේ තුරු⁣ළෙහිම ළඟින හද කාරෙ ගතොත් නිති පෙනෙත පලුදු ඇද ආලෙ රැකෙද සොඳ දෙදෙන දෙතැන හිඳ මාගෙ සිතේ චකිතයකි සැදෙන තද සීන දකිමි නිති දෙනෙත නැතද නිඳ.... Photo Credit; Ganapathy Kumar
කවිය බලන්න