දියදම අතරේ
සඳ කුමරිය පිය ගැට පෙළ බසින වෙලාවේ
නෙතු පිය සළමින් පොඩි තරු පොකුරු හිනා වේ
කුමුදු විලම සැනසෙන විට සීත ගුලාවේ
හමන සුළඟ රැයකට ලස්සනකි ගෙනාවේ
නිවා දමා හිතු මතයෙම තරු දස දහසේ
පලා ගිහින් මෙනි හිමිදිරියෙම සඳ රහසේ
වලා තුළින් ඉහිරෙන විට අරුණලු අහසේ
විහඟ තුඩග මුමුණනවා ගීතය දවසේ
නෙලුම් විලෙන් මතු වී රන් පිරුවට ලිහලා
දවස නිමාවේ මළ හිරු බැස යනු දැකලා
කුමුදු කැකුලු මුව පොඩි වල මඳ හස පිපිලා
හරි පුදුමයි නැතුවද මඳකට දුක සිතිලා
"රවුළු" නම් ඡන්දසට අයත් "වියන්" විරිත.
Photo Credit; Irina Iriser
කවිය බලන්න
