වීදි දරුවෝ
ඔසවාගෙන කලිසම් කොටය අතකින්
නාවර පෙරාගෙන සියළඟ වැඩියෙන්
සිනහ නඟද්දී පෙන්වා කැකුළු දසන්
පිරුනා හදම පුත නුඹ ගැන ආදරයෙන්
හිසට නිවහනක් නොමැතිව මහපාරේ
අඟුවක පිළක හිටියත් වකුටුවෙලා
කාගේ වරදකින් හෝ වීදියේ අයාලේ
උන්නත් තවම මේ කිරි දරුවෝ නොවෙදෝ
හොරැහින් බලනවා පාසල් දරුවෝ දෙසම
නැතිදෝ කැමැත්තක් අකුරක් අත ගාන්නට
උරුමය සිගමන ද මේ පොඩි දරුවන්ගේ
නොහැකි ද තනන්නට ඔවුනට ද ලොවක්
Photo Credit; Nashith Basheer
කවිය බලන්න
