රාත්‍රිය මනරම්
සඳ එළියේ මඳ අඳුරේ
වැව් ඉවුරේ තුරු අතරේ
රිදි පැහැගත් දිය දහරේ
ගිලී මැවෙන රෑ මිහිරේ
වැයෙනා රැහැයි තනු මැද්දේ
බස්සෙකු හූමිටි තබනා නාදේ
සැලෙනා වවුල් තටුවක සද්දේ
නිසල රාත්‍රිය ඉඳහිට බින්දේ
පිපි කුසුම් සුවඳ දෙද්දී
සීත මද නල හමා යද්දී
වැළඳ සියළඟ කිති කවද්දී
දැහැන් ගත මන සිඳි බිඳී
Photo credit; Javardh
