ඒකද වරද ....
සති අන්තෙ ලඟ එනකොට
ඉවර උන සැන් පවුඩර් සුවද
පිරී ඉතිරී යන කාමරෙ පුරා
සීතල උනුසුමක පහස
සති මැදත් ඒවිද බලන
සති අන්තෙ මුලම දවස
දුර වැඩී බව දැනුනම ඉනෙන
කඳුළු ඇයී මේ තරම් බරම
මතක තියෙනවා තාමත් උනුසුම
වෙනසක් නැතිව දැනුන
ඉන වටේ අත දාගෙන තුරුලුව
වැඩිම ආදරේ මැන බැලුව
මදි පාඩු ලඟ පිරවුන හිස්තැනට
අඩු පාඩු නැතිව නුඹට ලැබුන
ඒ ස්නේහය හිග උන දාට එන්න
මතකද.. යතුරක් නුඹ ලඟත් තිබුන
ලිප්ස්ටික් සලකුණක් තද රතුවට
මගේ නොවන බවත් දැනුන
දරාගෙන හේදුවත් කමිස කොලර
ලැවෙන්ඩර් සුවද ඇගෙන් ලැබුන
තැන තැන නොකියා රැකගෙන
මගේ නොවන ඔය පපුව
උන හෙම්බිරිසාව දාටත් නාලා
ඉම්බ එකද රත්තරනේ මගේ වරද....
කවිය බලන්න
