ප්‍රේමය නම්..

ප්‍රේමය නම්..

ඉෂංකා මිහිරි කුමාරතුංග

උනුසුම අරන් ලයට ලං වෙවී තෙමද්දී තොල් පෙතී මැනික කියනවනම් ඒ ඇති නිවෙන්නට හුස්මේ එතී අතිනත පටලා නැතුවත් යන්නට මල් පෙති වැටී සිතින් සිත බැදුනම ලිහෙන්නෑ ප්‍රේමයේ බැමී සිනා මැදදිත් කඳුළ උරුමයි එයයි ප්‍රේමයේ හැටී අයිති උනත් සිත් ලංවී හිමිවෙන්නෑ පිං මදි ඇති දුරම උන්නත් මිමිනෙනා විට කවිය වී තොල් පෙතී දරා ගන්නට කියා දුන්නේ නුඹම තමයි මේ හැටී හේතුවක් ඕනම නෑ නුඹට සිතුවිල්ලක් වී පිපෙන්න ඇස් දාර රවටා අපට බෑ ප්‍රේමයේ රැලි ගනින්න දියවර සරසා දෑල ඉවුරු මැද ආදරයෙන් ගලා යන්න අදත් රෑ මැද්දට නුඹ එනවා නම් ලය මැද්දෙන් හිස තියා ගන්න Photo Credit: anait
කවිය බලන්න