ගාන්ධර්ව සිත නොසන්සුන්ය
හදවත උතුරා යන අති මහත් බැතියෙන්
අභිවන්දන ගීයක් තනන පරම අදිටනින්
කලක් පුරා වෙහෙසී නිදි නැති රාත්රියක
නෙක පරාජිත හැඟුමන් මසිත සසලයි
සමන් පිච්ච දෝතක් නෙළන අටියෙන්
උයනට බැස සැරිසරන නිසසල අළුයමේ
මඳ නල හා මුසුව එන පරසතු සුවඳ හා
වරින්වර කන වැකෙන පා සළඹ නාදයකි ...
විමතිය බිය සැකය ජනිත වන මොහාතේ
රනින් කල වන් අප්සරා රුවක් නෙත ගැටී
එවන් අසිරිමත් දසුනක් අදහගනු බැරිව
තොල කට වියැලී මා එතැනම නතර වින
නුහුරු වදනින් අමුතු සංගීත ශෛලියකින්
සෙමින් තත්සර බිඳෙන වෙණ නද මැද
සුගායනය වන ගීතයෙන් මසිත වසඟ වී
ගනඳුර බිඳ දමන රිදී රේඛාවක් මතු වේ
කවිය බලන්න
