නොපැමිණි අනුරපුර කිවිඳිය

නොපැමිණි අනුරපුර කිවිඳිය

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

මුහුණු පොත කවි පිටුවකින් සැඳෑයම පවත්වනු ලබන කවි සංවාදයකට පමාවී පැමිණ සීරුවෙන් පසුපස අසුනකට යමි තවමත් මෙහි පැමිණ නැති නැගී එන අනුරපුර කිවිඳියක් වේදනාත්මක සිදුවීම් දාමයක් දැඩි සංයමයකින් යුතුව කියා ඇති බව යමෙක් පවසයි ඈත පිටිසර ගමක සිට යන එන ගමනක ඇති අපහසුව හොඳාකාරව මම දනිමි "භාෂා රටාව සහ කාව්‍යමය ගුණය සුගම මෙන්ම ප්‍රබල භාෂා භාවිතය සරල නිරවුල් වදන් අමුනමින් විශ්වීය ගැඹුරු තැන් විවර කර..." දිගු විචාරයක් කන වැකේ දරුණු අකුණු පහරක් මෙන් මසිත සසලන නිසඳැසක් ලෙස වදනින් වදන අමුණා ලියා ඇත්තේ කුරිරු චරිතයක් ඇසුරේ සිරවී විඳින වේදනාවදැයි මට සැක සිතේ 17.10.2026
කවිය බලන්න