ඉංග්ලන්ඩ් බකංනිලා
දෙමාපියන්ට ලැබේවා ගොඩක්ම පිං
ආවා ඉංගලන්තතෙට ඈත උඩිං
කෙරුවා ඩිග්‍රියක් අමාරු කොම්පියුටිං
මුල් බැසගත්තා හිමිහිට ලන්ඩනයෙං
තනියම හදාගෙන කරගෙන ශොපිං
උදවුත් කලා පස්සෙ ආපුඋන්ටත් ඉතිං
හිතහොද එවුනුත් හිටියා ඒ බෝඩිමෙං
ඒත් වැඩිපුර හිටියෙ අපිට ඇරපු එවුං
නෛජල් ඇවිත් කියනව යවනවලු හිටං
යන්නෙ කෝමද දමා පොලොව ගෙන්දගං
ටැක්ස් ගෙවනවනෙ යකෝ උදේරෑ නිකං
සුද්දො දම්මල කරයි අනේ උබ ලපං
අනේ කාලේ දැන්නම් වනේ වාසං
කොහි යන්නද හදාගත් පැල දමං
අපි ආවෙත් ඉස්සර යන්න බලං
ඒත් ඉන්නව බලාගෙන බකංනිලං
කවිය බලන්න
