ළඟින් හිටියත් දුරින් සේ ඉමු

ළඟින් හිටියත් දුරින් සේ ඉමු

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

ගහකොළ පෙති හැලේ කහ රතු පාට හැදී පිහිතල විලස සීතල ඇඟපතේ වදී නත්තල නිමාවුණ සොම්නස ලොවම විඳී මග බල බලා ඉඳලම ඇස් කෙවෙයි රිදී ආවත් දිනෙක මල් පෙත්තක සුවඳ ගෙන මාවත් අපට නැත එකමග ඇවිද යන කාවත් සතුටු වෙන ලෙස හැසිරිලා තැන ආයෙත් ඈත් වෙන එක හරි දුකයි පණ ළඟකම ඉඳන් දුරකින් මෙන් සිටින එක පිස්සුම වගෙයි නොදුටුව සේ ඉන්න දැක අඳුරම උරුම මුත් සීතල ඉර්තුවක හොඳටම දැනේ එනබව මල් වසන්තෙක
කවිය බලන්න