
සමාධි පිළිමේ
සුවහසක් පිළිම මැද
එකම එක පිළිමයක්
රැඳී ඇත මා සිතේ
සිතූ සැනින්
පහළවන
එකම එක පිළිමයක්
සිටින. හිදින. නිදන
වඩින, නිවුණ
පිළිම අතර
දැවෙන් සෙලෙන් මිණෙන් මුත්තෙන්
රනෙන් රිදියෙන් තඹෙන් දළෙන්
ඇඹූ පිළිම නෙලූ පිළිම
ගලේ මලේ කොළේ වස්ත්‍රයේ
ඇඳි පිළිම
කොතෙක් වෙතත්
අප්පටිම බුදුන්ගේ
කලාකරුවන් මැවූ
සියලු පිළිම
පරයා
සිත නිවන
සමවතට සමවන්
මහමෙව්නා
සමාධි පිළිමේ
සිත් නිවා සනහන
සමාධි පිළිමේ
කවිය බලන්න