සරාගී කවුළුව

සරාගී කවුළුව

කපිල කුමාර කාලිංග

[කෙටි කවි හතරක්] 1. කෙලෙස උණුසුම් වේද මෙතරම් ම සිත ඈ නිවුණු නුවන් අබියස. 2. එක් අතකින් ළං කර ඈ මුව සිප ගනියදී ඈ අතැඟිලි ම හිස පිරිමදී සෙනෙහසින් මවක සේ. 3. අළු පැහැති පසුබිම මත කුඩා කවුළුවකි සරාගයට ඉඩ දෙන අහඹු ලෙස. 4. නොදනී ඈ මා කොතෙක් සිප ගනීදැයි ඈ රත් ලවන් දුරින් හිඳ.
කවිය බලන්න