මං යන්නෙ නෑ දරුවන් අරන් .........

මං යන්නෙ නෑ දරුවන් අරන් .........

ප්‍රීති රන්දෙණිය

දන් දෙන්න යන බව දන්නේ නම් මං යන්නෙ නෑ දරුවන් අරන් සංසාරේ විඳි දුක් නිම කරන් ඉස්තීරයෙන් මිදෙමී ඔබෙන් බුදුවෙන්න ඔබහට ස්වාමීනි විඳවන්නෙ ඇයි මගෙ හා පැටව් පුපුරාවි හද දරු සෙනෙහසින් විඳවාද ඒ පව බෝසතුන් මේ කඳුලු ලෝ ගංගා වෙලා මිහි දෙරණ සත්කඩකට පලා හෙණ පුපුරුවා අසනිය හලා නිවනක් සොයා දරු දන් දෙනා හිමි නොපතමින් හඬමී සදා
කවිය බලන්න