කළහ-කාරයෝ
පෙර පිනකට සරස්වතිය - බැල්ම හෙලපු උන්දලා
වැටි වැටි නැගිටින කාලේදී - තිබ්බ ගුණය නැතිවෙලා
අළු ගසා දමා නැගිටින විට - හිටි තැන් අමතක වෙලා
සරස්වතියවත් විකුණයි - මිල මුදලට යටවෙලා
නමට කළා කරුවන් - නමුත් කළහ කරුවන්
කියනා පිරිසක් රඟ දෙති - නොමැරෙන්නේ යයි සිතමින්
කාසි වලට ලොල්වෙලා - ගුණදම් අමතක වෙලා
කාපු පතට මළපහරන - තුට්ටු දෙකේ කළහකාරයින්
ලියා-කියා-රඟා-චයා - නිර්මාණය කරන්නේ
ජනතාවගේ හිත සුව පිණිසටයි නේද මිනිසුනේ
ප්‍රතික්ෂේප කරපු දාට - තමයි රඟේ දැනෙන්නේ
නිහතමානි කම දැන්වත් - පුරුදුවෙයන්න්නේ
පිපුණු මලක් පරවෙනවා - මලේ සුවඳ නැතිවෙනවා
දිනක අපත් මියයනවා - කය පොළොවට පස්වෙනවා
ඒ ගැන නොසිතන සමහරු - මැරෙනකම්ම රඟදෙනවා
මැරුණු දාට බලු බල්ලෙක්වත් - නුඹලට නැතිවෙනවා
කවිය බලන්න
