දිවි මඩලේ සොඳුරු මවක්

දිවි මඩලේ සොඳුරු මවක්

චන්දන ෆොන්සේකා ලන්ඩනය

සාරි පොඩිත්තක් ඇඳගෙන ගීත ගයපු නන්දා බුදුසාදුට බොදු බැති ගී රසක් කියපු නන්දා වන්දනාවේ ගිය පේවීලා කවිත් කියපු නන්දා ඒ නන්දා මියගියෙ නැහැ අමරණීය නන්දා ඔබ දක්ෂය හඬ මිහිරිය වටී අපට නන්දා ඉතිහාසයේ පරිච්ඡේදයක් හිමි ඔබ නන්දා මතු පරපුර වෙත බොහෝ දෑ උරුම කළා නන්දා ඒත් ඉතින් අටලෝදහමට ඉඩ දෙමු නන්දා සොබාපිතය පසක තබා රැඩිකල් වූ නන්දා එහෙම උනේ ඇයිද කියා දන්නව ඔබ නන්දා දිවි මඩලේ සොඳුරු මවක් උනානෙ ඔබ නන්දා නිවන් ගියත් නැතත් අපට ඔබව වටී නන්දා කවුරු මොනව කීවත් ඔබ යමක් කළා නන්දා කළ පව් පින් අරන් යන්න වෙනව අපට නන්දා රූව මැකුනට නාමය ඉතිරිව තියෙනව නන්දා මතු භවයක රහට සින්දු ටිකක් කියමු නන්දා
කවිය බලන්න