නෙල්ලම්පිටිය දයා
කුසතුළ පිළිසිද ගත්දා සිට
ඇසුනේ මට ඔබේ කවි
ඔබට නොඇසුනට අම්මේ
මමත් කිව්වා නෙළුම් කවි
තාත්තා කිව් විරුදු ඇසී
කුසතුළ දී රස වින්දේ
ලෝවැඩ සඟරාවේ කවි
හෙළ සිරිතට ජන ගීයට - පෙම්බැදි අම්මා
නර්තනයෙන් ලොව සිව් දිග - ජය දද නංවා
උඩරට සිරිතට ඔසරිය ඇඳි අපේ අම්මා
පිච්ච මලින් නිතරම හිස සැරසුව අම්මා
දහස් ගණන් දරු කැලකට නිසි මඟ පෙන්වා
ඔහුනගෙ දියුණුව වෙනුවෙන් සෙත් පැතු අම්මා
මගෙ වාගෙම සිය දහසක් දෙනෙකුගෙ අම්මා
නෙල්ලම්පිටිය දයා මගෙ ආදර අම්මා
කවිය බලන්න
