කහ දමනය
මිනිස් ඇඟිලි නමසිය අනූ නවයක්
ඔබ කෙලස පැලඳියද ගෙලවට මාලයක්
දැමුවෙද කෙනෙකු දුගඳ නසන බෙහෙතක්
කවුද ගෙතුවෙ මේ අමූලික බොරුවක්
නවසිය අනූ නවයක් මිනිසුන් නැසූවද
එතෙක් ඔබට එරෙහිව රජ අනක් නොතිබුනිද
ඔබ සිවුරු පෙරෙව්වේ ඉන් ගැලවෙන්නද
බොරු කතා ගෙතූවේ ඔබට මඩ ගසන්නද
කහ පැහැයට මුවාවී නීතියට උඩින් යද්දී
ඔබවත් නිදසුනට ගෙන මුලා කරමින් සිටිද්දී
දහමත් කහ පැහැයත් දෙකක් බව පෙනෙද්දී
තහන්චි ඕනමයි කහ පැහැයට, දහම කෙලසද්දී
මෙල්බර්න්
29ඔක්තෝබර් 2026
කවිය බලන්න
