අවබෝධයේ සියපත..
මඩදියක් මත සුපිපුනත් පිවිතුරු බවින් අඩුවක් නැතේමය..
පෙතිදහක් ගැවසුනු රුවින් පිරිපුන් බවින් අඩුවක් නැතේමය..
හිරු රැසක් විඳ සඳ රැසක් විඳ මහවිලක් සරසනු අගේමය..
සියපතක් බඳු සැනසුමක් නිරතුරු පිපී හදවිල සැලේමය..
අමරසක් රොන් කෙමි වලින්ලද ඹබරු කී බස නොම ඇසේමය..
මුදුපතක් මත අතුල පිනිබිදු කොපමනක් දැයි නොම හැඟේමය..
මදනලක් දැවටුනි නිමක් නැති සුවඳ ගෙන ඉවතට ඇදේමය..
ඇති ලොවක් නැති බව සැනින් දැක පණ නලක් ගැවසෙනු දැනේමය..
කරවටක් මහ වැසි වැටී පෙති ගිලිහුනත් අහිතක් නැතේමය..
තුරුහිසක් සෙවනක් නැතත් දැඩි රිවිරැසින් වෙහෙසක් නැතේමය..
ඉවසුමක් මැඳ හදවිලක් කලඑලිකරන් සුපිපී සැලේමය..
ඉඳුකිලක් බදු සියපතක් දින දින පිපී දිවිමඟ ගෙවේමය..
චෙම්ස්ෆඩ් - එන්ගලන්තය
කවිය බලන්න
