පෝදා අසිරිය

පෝදා අසිරිය

ශශිකා කාරියවසම්

පුන්සඳ පිපී ගඟනත පෑ සිනාවන් නංවන කැලුම් විඳ සැනසුනි වලාවන් පින්බර දිනේ සිල් සුව ලැබ මනාවන් රන්තරු නිවී බැතිබර කල්පනාවන් ගන්තෙර දියේ සඳකිත්මිනි රටාවන් සංවර කලා බොල් සිතිවිලි ගුලාවන් මෙත්පිනි නිවා සිත් අරණත විඩාවන් ගල්වන සැබෑ සිහිලස වාසනාවන් දිලි දිලි ගලන සඳරැස් දම් කලාවන් පෙරි පෙරි ලදළු බෝපත් සැනසුවාවන් වෙලි වෙලි සමඟ මදනල පා දයාවන් සැලි සැලි ගයන ලොව්තුරු ගී අමාවන් සුදුමුදු සුවඳ විහිදන මල් ලතාවන් පුදසුන වැතිර සමවැද භාවනාවන් තුඩ තුඩ නැඟෙන බුදුගුණ වන්දනාවන් පිවිතුරු පැතුම නිවනට පුදකලාවන් පෝදා උපන් පින්සර චේතනාවන් පාදා දොවන් තුන්සිත පැහැදුනාවන් සාදා දැහැන් සිඳ බිඳ වේදනාවන් බාධා මැදින් පන්සිල දැල්වුනාවන් ලන්ඩන්
කවිය බලන්න