නන්දා මාලිනිය...

නන්දා මාලිනිය...

ශශිකා කාරියවසම්

තුන්හෙළ කැලෑ තුල සකුරා මල පිබිදූ යව්වන වසන්තයෙ හදවත් විල කැළඹූ අම්මාවරුන් හද කිරිමදු වැල පැළඳූ නන්දා මාලිනිය හෙළ ගී විත පිරවූ ළමා මණ්ඩපයෙ නැගු බුදු සාදු නද ගුවන් විදුලියෙන් විසිරී යැවුනු සඳ පවන් පොදක දැවටී පත් සවන් වැද එදා මෙන්ම අදටත් සනසවයි හද හෙළ සිනමා සයුරු පතුලෙන් මතු කෙරුව රන් මුතුදූව ඔපකර සුදිලුනු මුතුව සිංහල සුභාවිත ගීතය ඇය පිදුව ගලනා ගඟුල ජීවිත සරතැස නිමුව ගයනා විටෙදි නලවා ඇය සියුම් තත වැඩෙනා හැඟුම් පිරිමදිනා හඳුන් පත සිඳුවා පිපාසය පුබුදා පියුම් සත පිනවා සුවඳවත් වෙනවා සතර අත සිරිලක් මවුන් කුස පිළිසිඳ ජනිත වුන සරසවි ඇයයි මිහිමඬලට වැඩම වුන සුදු මුදු සිතින් දැක මනුලොව පහන් වුන සුරලොව බබුලුවන්නට යලි නික්ම වුන
කවිය බලන්න