පෙට්ටගම් සෝළිය..

පෙට්ටගම් සෝළිය..

අසංග චාමර විමලසිරි දොරණාගොඩ

පෙට්ටගම පෙරළුණා තුට්ටුදෙක විසිරුණා නොඇඳි කම්බා සරොම් බිම පුරා ඉගිළුණා පොරකකා බැණ වැදී උන් උනුන් හැප්පුණා දූ පුතුන් වටවෙලා වාද භේදයවුණා මාලපොට මට දියං නිල් පාට ගල් තියන රිදී හවඩිය ගනිං මට එපා කළු ගැහෙන මං ගෙදර බාලයා මටයි වැඩියෙන් ඕන ඈතට ම හඬ ඇසුණි පොර බදන ගුටි අනින මුදු තුනක් තිබුණ රන් ඒක උඹ හංඟලා තැල්ල අම්මට අයිති පොඩි නං ගි උස්සලා ඊයෙ අයියා ආවා තාත්තගෙ වග බලා හිමි හිමිං පෙට්ටගමෙ යතුර නං කරකලා පොරොන්ඳුව රකින ලෙස ඈ මියැදි ඇඳේ දී රැක්ක නාගයකු ලෙස අම්මගේ රන් රිදී ඇස් වැසී,අත් බැඳී සීතලට සුසුම දී තාත්තා පෙට්ටගම අසළ සයනෙට වැදී
කවිය බලන්න