කාවන්තිස්ස ඇත් රජිඳුනි සෙනෙහෙ පිරූ
කාවන්තිස්ස ඇත් රජිඳුනි සෙනෙහෙ පිරූ
රූපෙන් තේජසින් හදවත් කළෙය සරූ
වේ නම් කෙනෙක් එරෙහිව ගිනි අවිය දැරූ
ඒවන් අයව මෙලොවින් විය යුතුය දුරූ
දුන්නා රැළට නායකකම අභීතව
දන්නේ සිටි බවකි නිතරම විනීතව
උන්නේ නොමැත කොයි තැනදිත් කුසීතව
දැන් ඒ සැවොම සිටිනව ඇත අනාතව
තරණය කරන විට සැම දින මහ පාර
තරුණෙකි සිටියෙ රැක ගැනුමට හරි සූර
කළගුණ පුදපු හැටි සිහියට එනවාර
මැරි මැරි ඉපදුණා රජිඳුනි සුවිසාර
ප්රියංගනී ගුණතිලක
නුවරඑළිය
කවිය බලන්න
