සීත සමුදුර ගිලී දිනකර සැඟ වෙද්දී .......
සීත සමුදුර ගිලී දිනකර සැඟ වෙද්දී
පාළු හිත ළඟ සුසුම් තනියට ගුලි වෙද්දී
රෑක ඝනදුර නුඹේ සෙනෙහස නැති වෙද්දී
ඈත දුරකට ගිහින් දියණිය තනි වෙද්දී
රැයේ සුවඳක් හමා හදවත යයි පිච්චී
පිපී අරලිය වැටෙයි සුළඟට පර වෙච්චී
නැතිව නුඹ ගෙව් දිනක් වත් සිහියට නිච්චී
සොහොනෙ තනියම නිදනවද මයෙ අප්පච්චී
දවා පහනක් බලා හිදිනෙමි මග පෙරසේ
සරා සඳ ළඟ වෙලා තරුවක් නුඹ අහසේ
දරා දුක්ගිනි යළිත් හිනැහෙන තුරු පහසේ
නිවා කඳුළක් හැකිද පිසලනු හිඳ රහසේ
කවිය බලන්න
