තනිකම

තනිකම

ප්‍රියංගනී ගුණතිළක නුවරඑළිය

එකින් එක පෙති දිග හැරී ගෙන සුවඳ කඩුපුල් පිපෙන්න අහුල ගන්නට සීත පිනිකැට පොකුරු මල් මත වැටෙන්න අමතකව ගිය සිනා මුවගට යළිත් හෙමිහිට නැගෙන්න රිදී තරුකැට පිරුණු අහසට නැගී සඳවත දිලෙන්න සිහින් හිරි පොද වැටී පොළවට සීතලට ගත තෙමන්න දෑත් එකිනෙක පටලවාගෙන සීරුවට පිය නගන්න සඳේ සාවිට රහස් කොඳුරන පාට තරු කැට බලන්න දෑස් පියවෙන සොඳුරු රැයකදි හීනයක ළඟ හිඳින්න දුරක ඇසෙනා රෑහි හඬකින් නැගෙන සිතුවිලි මකන්න සීත සුළඟක පාව රහසින් සුවඳ හදවත නිවන්න නෙතේ සිරවුණ රිදුම් සඟවන් සිනාවක සුව විඳින්න රැයේ තනියට ඉගිළ ඇවිදින් කදෝ පැණියනි වයන්න
කවිය බලන්න