ආදරණීය කාවන් තිස්ස
ඊයේ අද සහ හෙට.
ආදරණීය කාවන් තිස්ස
ගිරිකුළ සඳමඬළ පිරිලා දුක් කදුළු
අහසේ ඉර සඳ ද පොළවෙද
පිරී කදුළු
වනබිමේ ඇවිද යනදා දුටු මල් කැකුළු
කාවන් තිස්ස මතකය සිරි ලක කදුළු.
මිහිදන් කළ බිමේ සද රැස් වැතිර ගෙන
වන බිම පුරා ගස්වැල් දුක දරාගෙන
කැළියා මලුත් ඔබ එනතුරු බලාගෙන
බලයද නිළය තවමත් යයි රවාගෙන.
ලෝකයේ බලය ළග පොරකන නොමිනිස් කම්
තව තව දොඩයි බලතල ගැන පුරසාරම්
මේ මහා ඈතා රැක ගන්නට ගුරුහරු කම්
නොගෙනම හිටියේ කොහොමද ඇතු මියයනකම්.
කවිය බලන්න
