ඊයේ අද සහ හෙට.
මඟහැරිම.
සමහරු අත්හරියි තව තව දුරස්වෙලා
අතැහැර ගියද නොසිතමි එය දුකක් කියා
ඊයේ අදද මතකය වී තිබුණ නිසා
පය වැදුනාට මා යන මගේ තබමි දෙපා
හිතුවාට වඩා සමහරු මග හරින හැටි
ඉපදෙන මැරෙන ලෝකයේ ඉර හඳද දකී
පිපිදෙන කැකුළු පරවෙන විට පිපෙන හැටි
තව මල් පිපේ අතු පිරිලා පාට වැටී
ජීවිත මඟේ හමුවු අය මතක හැටි
සිතුවිලි අතර අසමගි කම් තිබෙන හැටි
මිතුදම කළණ සෙනෙහස යළි දුටුව හැටි
හිත අත්හරියි නොමිනිස්කම් වලට ගැටි
කාලය සමග දනවයි ජිවිතය ගැන
ඉගිළෙන අහසේ බාධාවන් නිමා නැත
නෙත ළඟ මතක උදුරන සමහරු දැකද
කම්පානොවි තව දුර යම් මා සමඟ.
කවිය බලන්න
