තියනවා කිව්වාට ආදරය ළඟ සැනසුමක්.........
තියනවා කිව්වාට ආදරය
ළඟ සැනසුමක්
කොහෙද අම්මේ, මේක
තනිකරම ගිනි ගොඩක්
පේනතෙක් මානයක
නොපෙනේවි ගැලවුමක්
දකින්නට ආසයි ,
සංසාරේ කෙළවරක් ...
හුස්මක් කටක් ගන්න නැ,
නෑ ඉතින් වෙලාවක්
තරඟයට දුවනවා නෑ
කිසිම නැවතුමක්
දරුවො මත්තේ නැහිලා ,
නෑ තවම ඉවරයක්
මට මාව මඟ ඇරිල දැන්
දැන් හුඟක් කාලයක් ....
මතකයේ තියනවා
තේරෙනා කාලේ සිට
අම්ම අපි වෙනුවෙන්
ඒ දවස් නැහුණු හැටි
රෝහලක , බෙහෙත් සැර
වදින පෝලිමි වල
කොයි තරම් හිටියාද අපි
ඔක්කෙ ගහගෙන
හිතුවේම ඔටුන්නක්
අම්ම හිස පළඳන්න
සතුට සැනසීම ඔය
හිත අස්සෙ හංඟන්න
ඊට කලියෙන් තිබුණ
ජීවිතේ ගොඩ යන්න
දිව්ව මිස වේගයෙන්
බැරි වුනා , නවතින්න
මේ දුවන දිවිල්ලට
අරන් පොඩි නැවතුමක්
සැනසිල්ලෙ ළඟ ඉඳන්
කරන්නට කතාවක්
දවස් ගැන ගැනා හිටියේ
එනතුරා වෙලාවක්
ඊට කලියෙන් අම්ම
ඇයි පියාගෙන නෙත් .....
කවිය බලන්න
