ආදරණීය තාත්තේ...
මහමෙර කන්ද පාමුල
මට නැ කිසි බයක්
නැගි මහ ගිරිදුර්ග
මා සුරැකිව අරන්
තැබු පියවරක් ගානේ
සුමට පාවඩ එළන්
වෙන කවුරු ඉන්නද
තාත්තේ නුඹ තරම් ...
මහන්සි ද තාත්තේ පිරිමදිමි ඔය දෙපා
දැන් ටිකක් නවතින්න
නිවාගෙන ඔය විඩා
හංඟගෙන ආදරේ
රැක්ක හැටි රෑ දිවා
මඟ දෙපස පිපුණු මල්
තාත්තේ නුඹ නිසා ...
හීනයට හරි ළඟයි
ඒ නුඹේ දහදිය යි
ඒ සුවඳ තාත්තේ
සංසාරෙ තෙක් දිගයි
මේ වගේ හැමදාම
රැකවරනේ ඕනමයි
ඒ කිරුළ හරි යන්නේ
තාත්තගේ හිසටමයි ...
