මට කොහෙද තනියක්

මට කොහෙද තනියක්

නිමල් ජයරත්න කොළඹ

*මට කොහෙද තනියක්* පඳුරු අස්සෙන් ඇවිදගෙන එන එළි කැට විසිරුණු වැලි මිදුලක් වාගේ ඔබේ සිනා පායලා, ඔය බැල්ම, ගොයම් පැල එක්ක දොඩන දිය කඩිත්තක් වාගේ. ටිකක් පාරට වෙන්න අහස කපලා කීතු කීතු වලට ටෙලිපෝන් විදුලි කම්බි රැහැන් වලින්, ඈත කඳුවල යෝධ කුලුණු හිටගෙන දොඹකර වාගේ. වයිෆයි සුළියක මැද හීතලේ අඩවන් දුමාරයක කනාමැදිරි එළි නිවී දිලී, කෝපි කතන්දර රූප ඇවිදිනවා අවන්හලක බිත්ති පුරා. මගේ ආත්මය කෑලි කැපිලද කොහෙද තව තව ලෝක කෙලවරක් නැහැ මගේ දෑස් මත ඔබ තවරන මගේම ආශාවන් දැහැනේ වශී වෙමි මම ඔබ කෙරේ අනුරාගයෙන්. පෝස්ට්, ට්‍රේල්, ස්ටෝරි, රීල්, ටැග්ස්, හාට්ස් පසුපස හඹා යන දහසක් කැබලිති වලින් සැදුණු මගේම බලකායක් මැද, ඇවිදගෙන යනවා මම කන්දෙන් කන්දට ඔබ තනන ආරුක්කු පාලම් මතින්, මං රුචි දේ මග දෑලේ එල්ලිලා ඉංග්‍රීසියෙන් දොඩමළු වන ඒ අයි කෙල්ලකු කැටුව මෙගා ටෙලියේ සුරූපියකගෙ අතගෙන ඇඟිල්ලෙන් රවුම් කර කර හදන කපන මකන කෙළවරක් නැති මගේම ලෝකයක මට කොහෙද තනියක්. 14.10.2026
කවිය බලන්න