කිමිදී සැඟවෙමි

කිමිදී සැඟවෙමි

නිමල් ජයරත්න කොළඹ

අවසන් හිරැරැස් පතිත වුනු තුරැ මුදුන් වල දිලිසෙනා අතු පතර වියරැය දාස් පෙති පාට ගිනි වැකුනු එනමුදු නිවුනු ගොම්මන් එලිය බිහිසුනුය පඳුරැ අස්සේ සැඟව කෙලිනා කොල්ලන්ගෙ කොක්සන් හඬ උමතුය ඈත ගම්මානෙකින් ඇහෙනා කාටදෝ අඬගසන ගැහැනියෙකුගේ හඬ ගැඹුරැය ගං ඉවුරැ පාමුල රෑස්ස නාගස් වදුලක සෙමෙන් දිය මත කිමිදෙමි මල් රේණු සුවඳ විඳ විඳ දිය පතුලෙ මොහොතක් සැඟවෙමි (හැලෙන හෙවනැල්ලක කාව්‍ය 2020)
කවිය බලන්න