හෙළ දෙරණේ පිපි කුමුදිණියේ

හෙළ දෙරණේ පිපි කුමුදිණියේ

මාක් ඇන්ටනි කුමාරගේ

මියැදෙන්නේ නැත මාලිනියේ හෙළ දෙරණේ පිපි කුමුදිණියේ නොනැසේ කිසි කල රාජිණියේ සත්‍යයෙ හඬ නුඹ සාගරයේ මානව වදනින් නොහැක ලියන්න ට සේරම අක්ෂර ගොනු කර ලන්න ට නුඹ සතු දහිරිය කිමැයි කියන්න ට වධකයො ඉදිරියෙ නො සැලි සිටින්න ට නුඹ වෙයි එඩිතර සොඳ මිතුරී සෙනෙහස සියොළඟ හි මැ පැතිරී ප්‍රේමය හද ගැබ තුල ඉතිරී හෙළ අඹරේ වෙසෙනා නො මැරී නුඹෙ ගුණ නො ලියන පන්හිඳ රැවටී අසත්‍යයේ නිවටුන් හා දැවටී ගමන් කළා නුඹ නො බිය ව නොවැටී මිත්‍යාවේ බෙලි නවමින් කරටී නන්දා මාලිනි නො මැත නැසෙන්නේ ඇගෙ කය පමණ ය නැති වී යන්නේ ලොව පවතින තෙක් ජීවත් වෙන්නේ සත්‍යයෙ රාවය සැමත ඇසෙන්නේ 25/08/2026
කවිය බලන්න