තිස් තුන් කෝටියක් දෙවි වරු නිදි සුවයේ
මහ ජනතා මුදල් සොරකම් කළ උන් ට
වඳිනා මෝඩයින් පිරිසක් සිටින විට
අසරණ බවට පත් වී සිටි සිහළ රට
මුදවා ගැනුම අප යුතුකම පළමු කොට
පක්ෂය කුමක් වුව දේශය රකින දනා
අගයමු නිබඳ සහයෝගය දී තුටිනා
යුතුකම එය ය රට වැසියන් ගේ නිතිනා
හොර මුල එවිට දකින ට හැක පසු බසිනා
මොළ කළඳක් නොමැති වහලුන් දෙකට නැමී
සොර - නර යකුන් ඉදිරියෙ බිම දණිස අනී
පාතාලයේ අප්පච්චී නමැති බොනී
රට වැසියන් ගෙ බදු මුදල ද සොරා ගනී
තිස් තුන් කෝටියක් දෙවි වරු නිදි සුවයේ
ඔවුන ට තුටු පඬුරු පූජා කළ යුගයේ
තිරුපති කෙළෙසින් ද එහි පොහොසත් වූයේ
උඩු කය නිරු වතින් මිත්‍යා නර හෙළයේ
කොඳු නාරටි නොමැති හෙළයිනි මෙය අසණු
හොර පාළකයින් ගෙ මුහුණ ට කෙළ ගසණු
සාඨක ගලවලා අමුඩය අන්දවණු
කර පටි වලින් ගෙළ බැඳ එල්ලා තබණු
@02ඔක්තෝබර්2025
Photo Credit; Stephen Tafra
කවිය බලන්න
